හමුදාපතිට දෙවන වරටත් සේවා දිගුවක්..
යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට දෙවන වරටත් වසරක සේවා දිගුවක් ලබාදී ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම සේවා දිගුව ලබාදී ඇති අතර යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ සේවා කාලය ලබන අගෝස්තු 19 වනදා අවසන් වීමට නියමිතව තිබුනි.