දූෂණ චෝදනා එල්ලවූ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් කළා – සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂවරයා එම ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. මෙම වැඩබලන අධ්‍යක්ෂවරයාට දූෂණ චෝදනා රැසක් එල්ලවී ඇති බැවින් මෙම තීරණය ගන්නා ලද බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියි. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (11) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීයි.