මරණීය දඩුවම ක්‍රියාත්මක කිරීම යහපත් තීරණයක්, නායකයින් කවුරුන්දැයි හදුනාගැනීමට පවා නොහැකි අන්දමට රට අරාජික වෙලා – බොදු බල සේනා සංවිධානය
මරණීය දඩුවම ක්‍රියාත්මක කිරීම, ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ඉතා යහපත් තීරණයක් බවත් මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට පමණක් නොව ඔවුන්ට රැකවරණය ලබාදෙනු ලබන පුද්ගලයින්ටද එම දඩුවම ලබාදිය යුතු බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. අද (12) රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මෙම අදහස් පළකරන ලදී.
සිය අදහස් දක්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසා සිටියේ ලොව පුරා මෙන්ම මෙරට තුළද පාතාලය, මත්ද්‍රව්‍ය සහ දේශපාලකයින් අතර දැඩි සම්බන්ධතාවයක් පවතින බවත් කිසිදු ආකාරයකින් එක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවන මෙරට, දැඩි අරාජික තත්ත්වයකට පත්ව ඇති බවත් රටේ නායකයින් කවුරුන්දැයි හදුනාගැනීමට පවා නොහැකි වී ඇති බවයි.
මෙරට ජනතාව, තම ශරීරයට කිසිදු ආකාරයකින් හිතකර නොවන මත්පැන් පානය කරමින් සිටින බවත් මත්පැන් පානය කිරීම අත්‍යාවශ්‍යම නම් ඒ සදහා සුදුසු මිනිස් ශරීරයට අහිතකර නොවන පානයක් හදුන්වාදිය යුතුව ඇති අතර එවැන්නක් සිදුකිරීමට කිසිදු රජයක් මේ දක්වා කටයුතු කර නොමැති බවද ඥානසාර හිමියන් වැඩිදුරටත් පවසා සිටින ලදී.
උතුරු ප්‍රදේශයෙන් හමුදා කදවුරු ඉවත් කළයුතු බවට අදහස් පළවන අතර යම් ආකාරයකින් දකුණේ හමුදා කදවුරුද ඉවත් කළයුතු යැයි එම ජනතාව පවසා සිටයහොත් මෙරට හමුදා සාමාජිකයින් යායුතේ මාලදිවයිනටදැයි විමසා සිටින බවත් එල්.ටී.ටී.ඊ සංවිධානය විනාශ කළ මෙරටට, මත්ද්‍රව්‍ය විනාශ කිරීමට තවමත් නොහැකි වී ඇත්තේ මන්දැයි ගැටඵවක් බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි තවදුරටත් පවසා සිටින ලදී.
මෙම මාධ්‍ය හමුව සදහා බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන්ද සහභාගි විය.