සත්‍යයේ පුවත් අඩහැරය….

මරණ දඩුවම සදහා වැරදිකරුවන් නිර්දේශ කිරීමේ යම් ගැටළුකාරී තත්ත්වයක් පවතිනවා – ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටියි.

Podu Jana Peramunaමරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටින බව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටියි. මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේදී, අදාළ පුද්ගලයින් නිර්දේශ කිරීම සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්ත්වයක් උද්ගතවන බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවද එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

අදාළ චූදිතයින් බන්ධනාගාරගතව සිටියද තවදුරටත් මත්ද්‍රව්‍ය අපරාධ සිදුකරන බව තහවුරු කර ගැනීම අපහසු බවත් එවැන්නක් සිදුකරන්නේ කෙසේදැයි විමසා සිටින බවත් ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය තවදුරටත් කරුණු අනාවරණය කර සිටියි. බන්ධනාගාර හෝ පොලිස් වාර්තා මත පමණක් පදනම්ව එසේ මරණ දඩුවම සදහා පුද්ගලයින් නිර්දේශ කිරීම සැමවිටම නිවැරදි විය නොහැකි බවත් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණීය දඩුවම ලබා, ජීවිතාන්තය තෙක් බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් එහිදී තවදුරටත් එම වැරදි සිදුකරන්නේ නම් බන්ධනාගාර නිලධාරීන්ද ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් වගකිව යුතුව ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට