සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටුකරමින් වත්මන් ආණ්ඩුව රටට අහිතකර තීරණ ක්‍රියාත්මක කරමින් සිටිනවා – නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය

Podu Jana Peramunaජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ලොව බලවත් රටවලට බැතිබරව, වන්දනාමාන කරන තත්ත්වයට පත්ව ඇති වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටුකරමින් රටට අහිතකර තීරණ ක්‍රියාත්මක කරමින් සිටින බව නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය අවධාරණය කර සිටියි.ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමේදී ඒවා මිලදී ගැනීමට සුදුසු දේශීය ව්‍යාපාරිකයින් සිටියදී එම අවස්ථාව විදෙස් ආයෝජකයින්ට ගබාදීමට ආණ්ඩුව උත්සහ කරන බවයි. එක්සත් ජාතික පක්ෂයේ සහය නොමැතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්කිරීමට හැකිවුවහොත් ශක්ත්මත් ආණ්ඩුවක් ගොඩනැගීමට හැකිවනු ඇති බවද එස්.බී දිසානායක මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියේ සිංගප්පූරුව සහ මෙරට අතර අත්සන් කිරීමට නියමිතව ඇති නිදහස් වෙළද ගිවිසුම, රටට දැඩි ලෙස අහිතකර තත්ත්වයක් ඇතිකරනු ඇති අතර කැබිනට් මණ්ඩලය රවටා මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් දරණ උත්සහය සාර්ථක කරගැනීමට කිසිදු අවස්ථාවක් ලබානොදෙන බවයි.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් සිය විෂය පථයට අදාළව කටයුතු නොකිරීම දැඩි ගැටළුවක් බවට පත්ව ඇති අතර ඛනිජ තෙල් අමාත්‍යවරයා මේ වන විට ක්‍රිකට් මණ්ඩලයට අදාළ කටයුතු සම්බන්ධයෙන් පමණක් අවධානය යොමුකරමින් සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙහිදී තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට