සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එක්සත් ජනතා නිදහස් සන්ධානය වහාම ප්‍රතිසංවිධානය විය යුතුයි – එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රගතිශීලි පක්ෂ එකමුතුව

Podu Jana Peramunaපසුගිය වසර 03 ක කාලය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අනුබද්ධ සුළු දේශපාලන පක්ෂ ක්‍රියාකාරීත්වයේ දැඩි පසුබීමක් ඇතිවූ බවත් ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමට නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය වහාම ප්‍රතිසංවිධානය විය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රගතිශීලි පක්ෂ එකමුතුව අවධාරණය කර සිටියි.ඊයේ (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රගතිශීලි පක්ෂ එකමුතුවේ කැදවුම්කරු ඉන්දික පෙරේරා මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ සුළු දේශපාලන පක්ෂයන්හි ප්‍රතිපත්ති පිළිගන්නා අපේක්ෂකයෙකුට මීළග ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන බවයි. ජනතා බදු මුදලින් යැපෙන අමාත්‍යවරුන් ජනතා ගැටළු විසදීමට මැදිහත් නොවීම නින්දිත ක්‍රියාවක් ලෙස හැදින්විය හැකි බව ද ඉන්දික පෙරේරා මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ නව සිහළ උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා පවසා සිටියේ කිසිදු සැලැස්මක් නොමැති වත්මන් ආණ්ඩුව, රාත්‍රි කාලයේ ඉන්ධන මිල ඉහළ දමා, යළි උදෑසන එම මිල පහළ දමන බවයි. ආණ්ඩුව මේ ආකාරයට දිගින් දිගටම කටයුතු කළහොත් පසුගිය පළාත් පාලන මැතිවරණයේ ලද පරාජයට වඩා අන්ත පරාජයක් ඉදිරි මැතිවරණවලදී ආණ්ඩුවට මුහුණ දීමට සිදුවනු ඇති බවද සරත් මනමේන්ද්‍ර මහතා තවදුරටත් පවසා සිටින බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රගතිශීලි පක්ෂ එකමුතුවේ සභාපති විජේසේකර රත්නායක, එක්සත් ජනතා පොදුජන පක්ෂයේ සාමාජික රුවන්තිලක පේදුරුආරච්චි සහ අපේ ජන උරුමය පක්ෂයේ සභාපති කපිල කුමාර යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට