අධිකරණයට අපහාස කිරීම, ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට එරෙහි නඩුවේ තීන්දුව අගොස්තු 08 දා..
අධිකරණයට අපහාස වන ලෙස හැසිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව ලබන අගෝස්තු 08 වනදා ප්‍රකාශයට පත්කිරීමට අභියාචනාධිකරණය අද (18) තීරණය කර ඇත. 2016 වසරේ ජනවාරි මස 25 දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී හැසිරුනු ආකාරය, අධිකරණය අපහාසයක් බව චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කරන ලදී.