සත්‍යයේ පුවත් අඩහැරය….

උසස් පෙළ සහ 05 ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම් කරමින් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

Podu Jana Peramunaලබන ජූලි 31 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි 2018 උසස් පෙළ විභාග අපේක්ෂකයින් සදහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. අදාළ තහනම ලබන සැප්තැම්බර් 01 වන දා තෙක් ක්‍රියාත්මක වන බවත් විභාග දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි. එමෙන්ම ලබන අගෝස්තු 01 වනදා මධ්‍යම රාත්‍රිෙය් සිට 5 වසර ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගයට අදාළ උපකාරක පන්ති
පැවැත්වීමද විභාග දෙපාර්තමේන්තුව විසින් තහනම් කර තිබේ. අදාළ තහනමට අනුව මෙම විබාග දෙකෙහිම අපේක්ෂකයින් වෙනුවෙන් උපකාරක පන්ති සංවිධානය කිරීම, පන්ති මෙහෙය වීම, විෂයට අදාළ දේශන, සම්මන්ත්‍රණ මෙන්ම වැඩමුළු පැවැත්වීමටද නොහැකි වනු ඇත. මෙම නියෝගය උල්ලංඝනය කරන යම් පුද්ගලයෙකු හෝ පිරිසක් සම්බන්ධයෙන් ළඟම පිහිටි පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස ද විභාග දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට