සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජපක්ෂවරුන් මෙරට බලයට පැමිණියහොත් යළිත් රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවී යාවි – සිවිල් සංවිධාන එකමුතුව

Podu Jana Peramunaවිවිධ ප්‍රචාරයන්හි නිතර වෙමින් යම් පිරිසක් රාජපක්ෂ පරපුර නැවත මෙරට බලයට ගෙන ඒමට උත්සහ කරමින් සිටින අතර ඒ තුළින් රට යළිත් දැඩි අර්බුදකාරී තත්ත්වයකට ගමන් කරනු ඇති බව සිවිල් සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි.ඊයේ (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සිවිල් සංවිධාන එකමුතුවේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මිලිටරි මානසිකත්වයෙන් යුතු පිරිසක් විසින් ඉදිරියේ මෙරට දේශපාලනයට ගෙන ඒමට උත්සහ කරමින් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යනු, කුමන ආකාරයක පුද්ගලයෙකුදැයි අමුතුවෙන් පැවසීම අවශ්‍ය නොවන බවයි. රාජපක්ෂවරුන් යළි මෙරට බලයට පැමිණියහොත් රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවී යනු ඇති අතර එවැනි රටට අහිතකර බලවේගයන්හි ආගමනය නිසිලෙස හදුනාගෙන ඒවා පරාජය කිරීමට එක්වියයුතු බවද සමන් රත්නප්‍රිය මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍යහමුව සදහා සහභාගි වූ සිවිල් සංවිධාන එකමුතුවේ සම කැදවුම්කරු චමීර පෙරේරා මහතා පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැරට ගමන් කරන පුද්ගලයෙකු මෙරට දේශපාලනයට අවශ්‍ය නොවන බැවින් සහ ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට පැමිණියහොත් සිය දේශපාලන නිදහස අහිමිවන බව දන්නා බැවින් රාජපක්ෂ කදවුරේම සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර සහ කුමාර වෙල්ගම යන මහත්වරුන් මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් තම විරෝධය පළකර ඇති බවයි. කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුව නොමැති මහින්ද රාජපක්ෂ කදවුර පවතින්නේ පෙර තිබූ තත්ත්වයේම වන බැවින් එම කදවුර පරාජය කළයුතුව ඇති අතර ඒ සදහා 2015 ජනවාරි 08 වනදා මෙරට පැවති පාලනය වෙනස් කළ එම සියළු බලවේග එක්විය යුතු බවද චමීර පෙරේරා මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා සිවිල් සංවිධාන එකමුතුවේ සම කැදවුම්කරු පිලිප් දිසානායක මහතාද සහභාගි වී සිය අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට