සත්‍යයේ පුවත් අඩහැරය….

රට බේරාගත් රණවිරුවන්ට දඩුවම් ලබාදීම සදහා අණපනත් සකස් කරන එකම රට ශ්‍රී ලංකාවයි – ජාතික සංවිධාන එකමුතුව

Podu Jana Peramunaවිදේශිකයින්ගේ නීතිය, බුදු දහමට ඇතුළත් කර බුද්ධ නීතියට එහා ගිය නීතියක් සකස් කරමින් බුද්ධ ශාසනය විනාශ කිරීමේ උත්සහයක නිරතව සිටින වත්මන් ආණ්ඩුව, ඒ හරහා මෙරට භික්ෂූන් වහන්සේලාගේ නැගිටීම වළක්වා රට දෙකඩ කිරීමට කටයුතු කරනු ඇති බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. ඊයේ (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ මෙරට හමුදා බලය අවම කර, විදෙස් රටවලට අවශ්‍ය ආකාරයට රණවිරුවන් දඩයම් කිරීම සදහා අණපනත් මෙන්ම ජාත්‍යන්තරයේ වුවමනාවන් මත 2019 වසරට පෙර රටට අහිතකර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද හදුන්වාදීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බවයි.

මෙම මාධ්‍යහමුව සදහා සහභාගි වූ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසා සිටියේ බුදුදහමට හිතවත්කමක් නොමැති වත්මන් ආණ්ඩුවට අභියෝගයක්ව ඇති භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ රටේ සභ්‍යත්වය වැනිදේ අඩපණ කිරීමේ අරමුණ ඇතිව විවිධ අණපනත් හදුන්වාදීමට මේ වන විට කටයුතු යොදා ඇති බවයි.

රටට අහිතකර වන මෙම අණපනත් සදහා සහය දීම ආනන්තරීය පාපකර්මයක් වන බැවින් එසේ කටයුතු කරන මෙරට මැති ඇමතිවරුන්ගේ අවසාන මිනිස් ආත්මය මෙම ආත්මය වන බවත් මෙම අණපනත් වලට එරෙහිව කටයුතු කිරීමට මැදිහත් වන්නැයි මෙරට මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම අවස්ථාවට එක්ව සිටි ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ රට බේරාගැනීමට ජීවිත පවා පූජාකළ රණවිරුවන්ට දඩුවම් ලබාදීම සදහා අණපනත් සකස් කරන එකම රට ශ්‍රී ලංකාව බවයි.

මෙම මාධ්‍යහමුව සදහා ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් වන පූජ්‍ය හෑගොඩ විපස්සී සහ පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර යන හිමිවරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට