කළු ගගේ දිය නෑ දෙදෙනෙකු දියේ ගිලී මරුට..
කළු ගගේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු හොරණ, වගවත්ත ප්‍රදේශයේදී දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ. පස්සර වතුයාය සහ උඩුපුස්සැල්ලාව හෝර්ටන් වත්ත ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. හොරණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.