මත්පෙති 1460 ක් සමග සැකකරුවෙකු මැදවච්චියේදී එස්.ටී.එෆ් දැලේ..
මත් පෙති තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු මැදවච්චිය ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අලෙවි කිරීම සදහා සූදානම් කර තිබියදී හමුවී ඇති මෙම මත්පෙති තොගයෙහි වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. මෙම සැකකරු සතුව මත්පෙති 1460 ක් තිබී ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු වෙනුවෙන් අනුරාධපුර ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දී තිබේ.