සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිසි වැඩ පිළිවලක් ක්‍රියාත්මක නොකර හුදු දේශපාලන වාසි තකා ප්‍රකාශ නිකුත් කරන්න එපා, පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාට ලිපියක්..

Podu Jana Peramunaනිසි වැඩ පිළිවලක් ක්‍රියාත්මක නොකර හුදු දේශපාලන වාසි තකා තිරිගු පිටි සදහා වන බද්ද ඉහළ නැංවීමට කටයුතු කරන බවට ප්‍රකාශ නිකුත් කරමින් පාරිභෝගිකයින් අපහසුතාවයට පත් නොකරන්නැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර සිටියි.පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යවරයා වෙත යොමුකරන ලද ලිපියක මේ බව සදහන්ය.

පාන්පිටි බද්දක් අය කිරීමේ මෙහෙයුමක් දියත් කරන බවට අමාත්‍යවරයා පසුගිය දිනක සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු සදහන් කරමින් මෙම ලිපිය අමාත්‍යවරයා වෙත යොමු කර ඇති අතර තිරිගුපිටි නිෂ්පාදන සදහා වන විකල්ප නිෂ්පාදන ආපනශාලාවල ඇති දැයි හොදින් නීරීක්ෂණය කරන ඉල්ලා සිටින බවද එම ලිපියෙහි වැඩිදුරටත් සදහන්ව ඇත.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් තිරිගු පිටි සදහා වන බද්ද ඉහළ නැංවීමට කටයුතු කළහොත් සිය නිෂ්පාදන සදහා අය කරන මිල ගණන් ද ඉහළ දමන බවත් ඒ අනුව පාන් මිල රුපියල් 10 කින් ඉහළ දමන බවත් සමස්ත ලංකා බේකරිහිමියන්ගේ සංමය පවසා ඇති බවත් මෙම ලිපියෙහි සදහන්ව තිබේ. තිරිගු පිටි නිෂ්පාදන පරිභෝජනය එම පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යයට මහත් තර්ජනයක් වුවද තිරිගු පිටි නිෂ්පාදන සදහා විධිමත් විකල්ප නිෂ්පාදන නොමැති වීම පාරිභෝගිකයින්ට මහත් ගැටළුවක්ව පවතින වටපිටාවකදී සහ තිරිගු පිටි පරිභෝජනය කිරීම හැර වෙනත් විකල්පයක් පාරිභෝගිකයින්ට නොමැති අවස්ථාවක අමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශය මත යම් හෙයකින් අදාළ නිෂ්පාදන මිල ඉහළ දැමුවහොත් පාරිභෝගිකයාට දැඩි අසාධාරණයක් සිදුවන බවද අදාළ ලිපියෙහි තවදුරටත් සදහන්වේ.

එබැවින් තිරිගු පිටි නිෂ්පාදනවලට විකල්ප නිෂ්පාදන හදුන්වා දීමෙන් පසු මෙවැනි ප්‍රකාශ නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවද පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය මෙම ලිපියෙහි තවදුරටත් සදහන් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට