සත්‍යයේ පුවත් අඩහැරය….

උසස් පෙළ , ශිෂ්‍යත්ව උපකාරක පංති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්..

Podu Jana Peramunaඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (31) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක්ප නිකුත්ව කරමින් පවසයි. හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට සැප්තැම්බර් මස පළමුවනදා දක්වා මෙම තහනම බල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි. එමෙන්ම මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ද උපකාරක පන්ති පැවැත්වීම හෙට දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වනතුරු තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. ඒ අනුව එම විභාගවලට අදාළව අදාළ කාල පරාසයන් තුළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න මුද්‍රණය කිරීම හා බෙදාහැරිම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ ඒවා ළඟ තබා ගැනීම තහනම් බව වාර්තා වන අතර යම් අයෙකු හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා කටයුතු කලහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට