සත්‍යයේ පුවත් අඩහැරය….

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් හෙට දිවයිනට…

Podu Jana Peramunaසිව්දින නිල සංචාරයක් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හෙට (01) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. 2016 වර්ෂයේ මහලේකම් ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව එතුමිය ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිතයින් හමුවීමට නියමිතව ඇත. පොදුරාජ්‍ය මණ්ඩලයීය නිල ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම සහ 2018 වසරේදී ලන්ඩනයේ පවත්වන ලද පොදුරාජ්‍ය මණ්ඩලය වෙළෙඳාම වැඩි දියුණු කිරීමේ රාජ්‍ය නායක සමුළුවේ දී එකඟ වූ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදි අවධානය යොමු කිරීමට නියමිතව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට