පාසැල් දෙවන වාරය අදින් අවසන්..
රජයේ පාසැල්වල දෙවන වාරය අද (03) දිනෙන් අවසන් වේ. ඒ අනුව දෙවන වාරය අදින් අවසන් වන රජයේ සහ රජයේ අනුමත සිංහල, දමිළ මාධ්‍ය පාසල්වල තෙවන පාසැල් වාරය ලබන සැප්තැම්බර් මස 03 වනදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි. රජයේ මුස්ලිම් පාසල්සවල දෙවන පාසල් වාරය ලබන 20 වනදා අවසන් වී තෙවන වාරය අගෝස්තු 27 වනදා ආරම්භ වේ.