ශිෂ්‍යත්වය හෙට, සිසු දරුවන් 355326 ක් මාධ්‍යස්ථාන 3050 ක්..
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (05) පෙරවරු 09.30 සිට දහවල් 12.00 දක්වා පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්‌ථාන 3050 කදී පැවැත්වෙන අතර සිසු දරුවන් 355326 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිතව ඇත.