සත්‍යයේ පුවත් අඩහැරය….

පසුගිය දා කොළඹදී පැවැත්වූ විරෝධතාවය ආණ්ඩුව පලවා හැරීමේ පළමු වෙඩි මුරයයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

Podu Jana Peramunaආණ්ඩුවට එරෙහිව පසුගිය දා කොළඹදී පවත්වන ලද විරෝධතාවය ඉතා සාර්ථකවූ බවත් ඉදිරියේදී එවැනි විරෝධතා රැසක් පැවැත්වීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියි. ඊයේ (03) කෙළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඩිලාන් පෙරේරා මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කර සිටියේ වත්මන් යහපාලන ආණ්ඩුව බලයෙන් පහ කිරීමේ පළමු වෙඩිමුරය මෙම විරෝධතාවය බව හැදින්විය හැකි බවයි.

මහබැංකු බැදුම්කර වංචාව විමර්ශනය කළ ජනාධිපති කොමිසම විසින් ඊට අදාළ වැරදිකරුවන් නම් කළද මෙතෙක් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවී නොමැති බවත් බලයට පැමිණීමේදී ජනතාවට ලබාදෙන ලද පොරොන්දු මෙතෙක් ඉටු කරනොමැති වත්මන් ආණ්ඩුව නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඒමට කටයුතු කරමින් සිටින බවත් ඩිලාන් පෙරේරා මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසා සිටියේ, රටේ උද්ධමනය ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති අවස්ථායක, ජනතාවට දරාගැනීමට නොහැකි තරමින් ජීවන වියදම ඉහළ ගොස් ඇති අවස්ථාවක මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමට ආණ්ඩුව විසින් ගෙනඇති තීරණය දැඩි ලෙස හෙළාදකින බවයි. භික්ෂු කතිකාවතක් සම්බන්ධයෙන් මේ වන විට රටතුළ දැඩි කථාබහක් ඇති වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් සියළු භික්ෂ පාර්ශව සිය විරෝධය පළකරන බවද භික්ෂු කතිකාවතක් ඇතිවිය යුත්තේ භික්ෂූන් අතරින් විනා පාර්ලිමේන්තුවෙන් නොවන බවත් එස්.බී දිසානායක මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට