විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය අද කථානායකවරයාට..
පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් වන තම මතය අද (06) කථානායකවරයාට භාරදීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසා සිටියි.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් සහභාගි වන විශේෂ රැස්වීමක් අද (06) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී සිදුකරනු ලබන කරුණු සාකච්ඡාකිරීම් වලින් පසුව විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් වන මතය කථානායකයාට භාර දෙන බව එම සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි.