සත්‍යයේ පුවත් අඩහැරය….

තරගාවලියේ ජය දකුණු අප්‍රිකානුවන්ට..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකානු පිල සහ ශ්‍රී ලංකා අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කරගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (05) සමත්විය. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩයෙම තම රටතුළදීම පිට පිටම එක්‌දින තරගාවලි පහක පරාජයකට හිමිකම් කියන ලදී. ඊයේ (05) පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් මුලින් පන්දුවට පහරදීම සදහා තමන්ට හිමිවූ ආරාධනාවට මනාව පිළිතුරු සැපයූ දකුණු අප්‍රිකානුවන් දැවැන්ත ලකුණු 363 ක ඉලක්කයක් සත්කාරක ශ්‍රී ලංකාවට ලබාදෙන ලදී.

දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගි වූ රීසා හෙන්රික්‌ස්‌ පන්දු 89 කදී හතරේ පහර 08 ක්‌ සහ හයේ පහරක්‌ සමග ලකුණු 102 ක් ලබාගන්නා ලදී. ලකුණු 363 ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ පන්දුවාර 45.2 කදී සියළුදෙනා දැවී ලකුණු 285 ක් පමණි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට