සත්‍යයේ පුවත් අඩහැරය….

පොල්ගහවෙල, දුම්රිය අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් …

Podu Jana Peramunaපොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කරයි. පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේ දී ඊයේ (06) පස්වරුවේ කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබු දුම්රියට පිටුපසින් පැමිණි කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වු දුම්රිය ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත. එම අනතුරෙන් මගීන් 32 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ වනවිට බොහෝ පිරිසක් ප්‍රතිකාර ගෙන රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර අනතුර හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා එල්ල වූ අතර ඊයේ රාත්‍රියේ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රියද අවලංගු කිරීමට සිදු වු බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. කෙසේවෙතත් මේ වනවිට උඩරට දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක දුම්රිය ධාවන කටයුතු සිදුකළ හැකි බව විජය සමරසිංහ මහතා සඳහන් කරයි.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට