සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික සමගිය, සංහිදියාව හා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සදහා සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය පොලීසිය හා එක්වෙයි…

Podu Jana Peramunaසංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලීසිය අතර ජාතික සමගිය, සංහිදියාව සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රජා පොලිස් සේවය ප්‍රතිස්ථාපනය සදහා වන අවබෝධතා ගිවිසුමට ඊයේ (07) වන දින සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේදී අත්සන් තබා ඇත. මෙම ගිවිසුම අත්සන් කිරීම සදහා ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය නියෝජනය කරමින් එහි මහ ලේකම් මනෝ තිත්තවැල්ල මහතා සහභාගී වී ඇත. ශ්‍රි ලංකාවේ සංහිදියාව පිළිබදව වැඩපිළිවෙල සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම ජාතික සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මූලික අරමුණ වී ඇත.

ඒ අනුව දෙපාර්ශවයම අත්සන් කළ ගිවිසුමේ අරමුණ වන්නේ රජයේ සංහිදියා වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා සියලු සංවිධාන කාර්යයන් කරමින් බිමි මට්ටමේ සිට සහය වීම සහ තොරතුරු ලබා දීම, රජය විසින් නීති ගත කරන ලද සහ නීති ගත කිරීමට අපේක්ෂා කරන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බිම් මට්ටමින් අදහස් ලබා ගැනීම සහ අසත්‍ය තොරතුරු ජනගත වීමෙන් ජාතිවාදය පැතිරවීම වැලැක්වීම හා ඒ මගින් ඇතිවිය හැකි ගැටුම් කල්තියා හදුනා ගැනීම තුළින් අර්බුධ ඇතිවීමට පෙර ග්‍රාමීය මට්ටමින් විසදුම් ලබා දීම හා එමගින් ජාතික සංහිදියාව තහවුරු කිරීම වේ.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට