සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැති ඇමති වැටුප් වැඩි කිරීමට සමෘද්ධි සේවකයින්ගේ විරෝධය…

Podu Jana Peramunaමැති ඇමතිවරුන්ගේ වැටුප් 215% වැඩිකර ගැනීමට යෝජනා කරන ආණ්ඩුව සමෘද්ධි සේවකයින්ගේ ගමන් වියදම් දීමනා, කාර්යාල දීමනා ගෙවීම් සදහා මුදල් ලබාදීම පැහැර හැරීමට කටයුතු කර ඇති බවට සමෘද්ධි සේවකයින් චෝදනා කරයි. වැඩකරන ජනතාව ඇතුලූ සමස්ත ජනතාව විශාල ආර්ථික පීඩනයකට ලක්කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ මාසික වැටුප 215% වැඩි කර ගැනීමේ යෝජනාව දැඩි පිළිකුල් සහගත ක‍්‍රියාවක් බැවින් ඊට සමෘද්ධි සේවකයින්ගේ සංගමයේ අප‍්‍රසාදය ප‍්‍රකාශ කර සිටින අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන සමෘද්ධි සේවකයින්ගේ විවිධ ගෙවීම් හා ආයතනික ගෙවීම් සදහා අවශ්‍ය වන පරිපාලන වියදම් ලබා නොදීම මත ගැටලූ ගණනාවක් හට ගෙන ඇති බව ඔවුන් අවධාරණය කර සිටියි.

ඒ අනුව ග‍්‍රාම නිලධාරී වසම් මට්ටමින් සේවය කරන සමෘද්ධි කළමණාකරුවන් ඇතුලූ සමෘද්ධි සේවකයින් හට ගෙවීය යුතු මාසික ගමන් වියදම් දීමනාව මාස 04 කට ආසන්න කාලයක සිට මෙතෙක් ලබා දී නොමැති අතර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හට කේෂත‍්‍ර කටයුතු වෙනුවෙන් කාර්යාලයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ලබා දුන් මාසික රු.500.00 ක් වු කාර්යාල දීමනාවද 2018 වසරටම ලබා දී නොමැති බව ඔවුන් අවධාරණය කර සිටියි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් සදහන් කරන්නේ මැති ඇමති වැටුප් වැඩිවීමේදී රු.කෝටි 445 ක අමතර විශාල වැයබරක් ජනතා කරමතට වැටෙන බවත්ය. පසුගිය ආණ්ඩු සමයේද සමෘද්ධි සේවකයින් හට මෙම ගැටලූව පැවති අතර, මෙවැනි ගැටලූ විසදනවා යැයි පවසමින් යහපාලනය නැමැති නමට මුවාවී බලයට පැමිණි වත්මන් හවුල් ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදු කරමින් ඔවුන්ගේ වරදාන වරප‍්‍රසාද වෙනුවෙන් මුදල් වෙන් කර ගන්නා බව ජනතාවට සනාථ කර හමාර බව ඔවුන් සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට