ජාත්‍යන්තර තරුණ දිනය අදයි..
ජාත්‍යන්තර තරුණ දිනය අද (12) යි. ජාත්‍යන්තර තරුණ දින සැමරීමේ ජාතික වැඩසටහන අද කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වනු ඇත. “තරුණ තරුණියන් සඳහා සුරක්ෂිත පරිසරයක් හා වටපිටාවක් නිර්මාණය කිරීම” යන්න මෙවර ජාත්‍යන්තර තරුණ දිනයේ තේමාව වී ඇත.