පිටතින් ගෙනෙන ආහාර සීමාකිරීමට එරෙහිව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් උපවාසයක..
පිටතින් රැගෙන එන ආහාර සීමාකිරීමට එරෙහිව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් මේ වන විට බන්ධනාගාරයේ වහළය මත නැගී උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. කාන්තා රැදවියන් 10 දෙනෙකු බන්ධනාගාරයේ කාන්තා අංශයේ වහළය මත නැගී මෙම උපවාසය දියත් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.
ඇතැම් කාන්තා රැදවියන් අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා පිටතින් ආහාර ගෙන්වා ගැනීමට උත්සහ කරන බවත් ඒ හරහා නීති විරෝධී ද්‍රව්‍යයන් බන්ධනාගාරය තුළට ලැබීමේ අවදානමක් උද්ගතවීම නිසා මෙසේ පිටතින් ගෙනෙන ආහාර සීමා කිරීමට බන්ධනාගාර බලධාරීන් තීරණය කර තිබේ.