සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිංගප්පූරු ගිවිසුම ගැන විමර්ශනයට කමිටුවක් පත්කිරීම, සමස්ත ජනතාවගේම ජයග්‍රහණයක් – තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය

Podu Jana Peramunaසිංගප්පූරු වෙළද ගිවිසුම බලාත්මක කිරීම වළකාලමින් එම ගිවිසුම පිළිබද නිසි විමර්ශනයක් සිදුකිරීම සදහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කිරීම, සමස්ත ජනතාවම මෙන්ම මෙම ගිවිසුමට එරෙහිව කටයුතු කළ සියල්ලන්ගේම ජයග්‍රහණයක් බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.ඊයේ (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසා සිටියේ එක් පාර්ශවයකට පමණක් වාසිදායක වන අයුරින් අත්සන් කරන ලද ලොව පළමු ගිවිසුම ලෙස මෙම සිංගප්පූරු ගිවිසුම හැදින්විය හැකි බවයි. රටට අහිතකර මෙවැනි ගිවිසුමක් සකස් කළ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු පිරිසට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මකවනු ඇතැයි බලාපොරොත්තු වන බවද ලසන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගිවූ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති කපිල පෙරේරා මහතා පවසා සිටියේ නීත්‍යානුකූල නොවන, රටට අහිතකර මෙම සිංගප්පූරු ගිවිසුම වහාම අවලංගු කළයුතුව ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට