සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ තීරණයට අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය අනුව ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීරණය කළහොත් ආණ්ඩුවෙන් ඉවත්වූ තම කණ්ඩායමද ස්වාධීනව කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසා සිටියි. ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එස්.බී දිසානායක මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර ඒ මහතා තවදුරටත් පවසා සිටියේ සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කර ඇති අතර අදාළ ගිවිසුමට සම්බන්ධ ව්‍යවසායකයින්ට යම් ආසාධාරණයක් නොවන පරිදි කටයුතු කළයුතුව ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියේ වෙනත් මාතෘකා කරළියට ගෙනඑමින්, මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රටතුළ පැවති අවධානය වෙනතකට යොමුකිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බවයි. සිය අදහස් දක්වමින් ඩිලාන් පෙරේරා මහතා තවදුරටත් පවසා සිටියේ තොරතුරු පනතට අනුව මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ දේශපාලඥයින් ඇතුළු මැති ඇමතිවරුන් පිළිබද තොරතුරු ඉල්ලා සිටියද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි. කෙසේ වෙතත් මෙම වංචාව සම්බන්ධ සියළු තොරතුරු රටට හෙළිකළයුතුව ඇති අතර කිසිදු ලෙසකින් මෙම සිදුවීම යටගැසීමට ඉඩනොතැබිය යුතුව ඇති බවද ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය හිමවන ඕනෑම පුද්ගලයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය පළකරන බවත් ලබන සැප්තැම්බර් 05 වනදා කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති ආණ්ඩු විරෝධී රැළියට සහභාගි වන්නැයි එක්සත් ජාතික පක්ෂ විරෝධී පක්ෂ ඇතුළු සංවිධානවලින් ඉල්ලා සිටින බවද ඩිලාන් පෙරේරා මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට