සත්‍යයේ පුවත් අඩහැරය….

අනතුරට පත් ධීවරයින් 04 බේරගැනේ ..

Podu Jana Peramunaමසුන් මැරීම සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රා 02 ක් පෙරළී යාමෙන් අතුරුදහන්වී සිටි ධීවරයින් 04 දෙනෙකුව වෙනත් ධීවරයින් පිරිසක් විසින් බේරා ගෙන විත් ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.රෝහල් ගත කර ඇත්තේ හලාවත – වට්ටක්කල්ලිය ප්‍රදේශයේ පදිංචි ධීවරයින් පිරිසක්වය.පසුගිය 18 වැනිදා අළුයම 2.00 ට පමණ මෙම ධීවරයින් පිරිස මසුන් මැරීම සඳහා හලාවත මෝය කටින් මුහුදට ගොස් ඇත.18 වැනිදා පෙරවරුව වන විට ඔවුන් අපාසු ගොඩ බිමට පැමිණ යුතු නමුත් සවස් වන තුරුම නොපැමිණීම හේතුවෙන් එම ධීවරයින්ගේ ඥාතීන් විසින් මේ බව හලාවත පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.පෙරළී ගිය යාත්‍ර දෙකෙහි සිටි ධීවරයින්ව වෙනත් යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් විසින් බේරා ගෙන 18 වැනිදා රාත්‍රීයේ හලාවත ගොඩ බිමට ගෙනවිත් ඇත.පසුව ඔවුන්ව ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.මේ දිනවල බටහිර මුහුදු තීරයේ වාරකන් සමය වන අතර ඒ නිසා මුහුදු රළු වන බැවින් මුහුදු යාමෙන් වළකින ලෙස ආපදා කළමණාකරන ඒකකයද අනතුරු අගවා ඇත.නමුත් ඇතැම් ධීවරයින් එම අනතුරු ඇගවීම් නොතකා මසුන් මැරීම සදහා මුහුදු යාම නිසා මෙවැනි අනතුරු සිදුවන බව පොලීසිය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට