සත්‍යයේ පුවත් අඩහැරය….

දඩ කොළ පොත් හිගයෙන් ජනතාවට දැඩි පීඩා, රථවාහන වැරදි කරන රියදුරන්ගේ හුස්ම හිර නොකරන්නැයි රජයෙන් ඉල්ලනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaකළමණාකරන දුර්වලතා හේතුවෙන් පොලීස් ස්ථානයන්හි දඩ කොළ ලිවීම සදහා භාවිතා කරන පොත් වල හිගයක් ඇති වීමෙන් මහජනයා දැඩි පීඩාවට පත්වන බවත් මහජනතාව හා පොලීසිය අතර ආරවුල් ඇති වීමටද මෙම තත්ත්වය හේතුවක්ව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වන අතර එහි තවදුරටත් සදහන් වන්නේ මෙම තත්ත්වය හමුවේ මාර්ග නීති කඩකිරීමේදී නඩුවක් වෙනුවට දඩකොලයක් ලබා නොදී අදාළ රියදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කරන ලබන අතර මෙම තත්ත්වය මහජනතාවට දැඩි පීඩාවක් ඇතිකරනු ලබයි.

ඒ අනුව දඩ කොළ හිගයට විසදුම් ලැබෙන තෙක් රථවාහන වැරදි කරන රියදුරන්ගේ හුස්ම හිර නොකරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය තවදුරටත් මෙම නිවේදනය තුළ සදහන් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට