සත්‍යයේ පුවත් අඩහැරය….

රට පරාධීන තත්ත්වයට ඇදවැටීම, නිදහසින් පසු මෙරට බලයට පත්වූ සියළු පාලකයින් වගකිව යුතුයි – ජාතික භික්ෂු පෙරමුණ

Podu Jana Peramunaනිදහසින් පසු මෙරට බලයට පත්වූ සියළු පාලකයින් රට පරාධීන තත්ත්වයට ඇදදැමීමට කටයුතු කර ඇති බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. අද (23) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවේදී ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ මේ වන විට සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන වශයෙන්ද රට අරාජික තත්ත්වයකට පත්ව ඇති බවයි.

මෙරට නිදහස ලබන විට රුපියල් 70/- ක් වූ ඒක පුද්ගල ණය ප්‍රමාණය අද වන විට රුපියල් 480000 ක් බවට පත්ව ඇති අතර නිදහස් පසු මේ දක්වා බලයට පත්වූ සමස්ත පාලකයින් ඊට වගකිව යුතුව ඇති බවත් මෙරට නිදහස් අරගලයේ ප්‍රකට වීරත්වයෙන් සපිරි භික්ෂූන් වහන්සේ නමක් වන කුඩහපොළ හිමියන් ආදර්ශයට ගෙන රටට ආදරයක් නොදක්වන බහුතරයක් මෙරට පාලකයින්ගෙන් රට බේරාගැනීමට කටයුතු කළයුතුව ඇති බවත් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙරට ජාතික සම්පත් විදෙස් රටවලට විකිණීමට සිදුව ඇත්තේ රට තුළ පවතින වහල් මානසිකත්වය නිසා වන අතර එවැනි තත්ත්වයක් රටතුළ ඇතිකළ මෙරට පාලකයින්ගෙන් රට බේරාගැනීම සදහා මෙරට සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව මෙන්ම භික්ෂූන් වහන්සේලාද එක්විය යුතුව ඇති බවද වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ජාතික භික්ෂු පෙරමුණේ විධායක කමිටු සාමජික පූජ්‍ය නෙළුබෑවේ අනුරුද්ධ හිමියන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට