සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපතිවරයාට පැවරී ඇති බලය යොදාගෙන අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaකැබිනට් හෝ ජනාධිපතිවරයාගේ අනුමැතිය මෙතෙක් නොලැබී ඇතත් රටට අහිතරක සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් විසින් කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. අද (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී දිසානායක මහතා පවසා සිටියේ මෙරට සිදුවූ යම් වරදක් සම්බන්ධයෙන් වෙනත් රටක පුරවැසිභාවයක් සහිත පුද්ගලයෙකු හට චෝදනා එල්ලවී ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් වන අධිකරණ කටයුතු සිදුකිරීම ජනාධිපතිවරයාට පැවරී ඇති කාර්යයක් වන බැවින් එම බලය යොදාගෙන මහබැංකු බැදුම්කර වංචාව පිළිබදව වන චෝදනා එල්ලවී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුව ඇති බවයි.

සිය අදහස් දක්වමින් එස්.බී දිසානායක මහතා තවදුරටත් පවසා සිටියේ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ රජයන් සමයේ විවේදනය කිරීමට තරම් රටතුළ ගැටළු ඇතිනොවූ නමුත් වත්මන් ආණ්ඩුවේ පාලනය යටතේ දැවැන්ත ප්‍රශ්න ගණනාවක් රටතුළ ඇතිවී තිබෙන බවයි. තැනින් තැන විවිධ අදහස් පළකලද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා තවමත් 16 කණ්ඩායම සමග කටයුතු කරන බවත් සාකච්ඡා මාර්ගයෙන් විශ්ව විද්‍යාල සිසුන්ගේ ගැටළු විසදීමට උත්සහ කර එය සාර්ථක නොවුනහොත් පමණක් අවම බලය භාවිතා කර සිසු විරෝධතා මර්දනය කිරීමට කටයතු කරන ලෙස හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරුන්ට වඩා මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් කටයුතු කරන වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද දිසානායක මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට