සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව අධිකරණයේ මංගල නඩුව අදයි…

Podu Jana Peramunaමහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කරන පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ කටයුතු අද (24) ආරම්භ කිරීමට නියමිතව ඇත. එහි පළමු නඩුව ලෙස පසුගිය රජයේ ජනාධිපති කාර්යමණ්ඩල හිටපු ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීමට නියමිතව ඇත.

ඒ, ලිට්‍රෝ ගෑස් සමාගමෙන් පෞද්ගලික සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් වෙනත් හෝටල් සමාගමකට නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත්, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩාබාලගේ සහ හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න මෙන්ම ලසන්ත බණ්ඩාර යන අයට මහාධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබිණි. මහාධිකරණ විනිසුරුවන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග කිරීමට නියමිතය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට