මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40 ක් මරුට..
2018 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පුද්ගලයින් 40 දෙනෙකු ඩෙංගු රෝගය හේතුවෙන් මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කර සිටියි. අදාළ කාලය තුළ ඩෙංගු රෝගීන් 36,000 ක පමණ ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්‌නාහිර පළාතෙන් වාර්තාවී තිබෙන බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.