අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය නොකර බැහැරකර ඇති බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරනවා – කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ
අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය නොකරන බවට එල්ල කරන චෝදනා අක්‍රමවත් ලෙස බැහැර කර ඇතැයි පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයා පවසා සිටියි. සිදුව ඇත්තේ අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම නොව බැහැර කිරීමේ ප්‍රමාදයක් බවත් කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතා අනාවරණය කර සිටියි.