සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගලහ රෝහලෙහි ඇතිවූ තත්ත්වයට වගකිවයුත්තේ රෝහල් සදහා නිසි පහසුකම් නොදෙන බලධාරීන් මිස වෛද්‍යවරුන් නොවේ – සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaපසුගියදා මහනුවර, ගලහ රෝහලෙහි ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයට වගකිව යුත්තේ එහි සේවයේ යෙදී සිටි වෛද්‍යවරයා නොව, මෙරට රෝහල් සදහා නිසි පහසුකම් ලබාදීමට කටයුතු නොකරන සෞඛ්‍ය බලධාරීන් බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ උණ රෝගය වැළදීමෙන් ප්‍රතිකාර සදහා ගලහ රෝහලට ඇතුළත් කරන ලද කුඩා දරුවෙකු මිය යාමත් සමග ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවයි. ප්‍රාදේශීය රෝහලක් වුවද එවැනි රෝහලක වෛද්‍යවරුන් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු සේවයේ යෙදී සිටිය යුතු වුවද අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ එම රෝහල තුළ සේවයේ යෙදී සිට ඇත්තේ එක් වෛද්‍යවරයෙකු පමණක් වූ අතර ප්‍රමාණවත් හෙද කාර්ය මණ්ඩලයක්ද රෝහල සතුව නොමැති බවට කරුණු අනාවරණය වී තිබෙන බවත් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා තවදුරටත් පවසා සිටින ලදී.

අදාළ අවස්ථාවේ රිය අනතුරක් හේතුවෙන් දැඩි අවදානම් තත්ත්වයකට පත්ව සිටි රෝගියෙකුද රෝහලට ඇතුළත් කර ඇති අතර මිය ගිය දරුවාට එම අවස්ථාවේදීම රෝහලට ඇතුළත් කිරීම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය උදාවූ බවත් වෛද්‍යවරයා සිය උපරිමයෙන් තම වගකීම ඉටුකර තිබෙන බව අවධාරණය කර සිටින බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙවැනි සිදුවීම් යළිත් මෙරට තුළ සිදු නොවීම සදහා මෙවැනි රෝහල් වලට ප්‍රමාණවත් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රමාණවත් ඖෂධ සහ අනෙකුත් පහසුකම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළයුතුව ඇති බවත් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාව සදහා සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතාද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට