සත්‍යයේ පුවත් අඩහැරය….

ඒකාබද්ධ රැළිය මහජන සාමය කඩකලහොත් නීතිය අකුරට – පොලිස්පති ..

Podu Jana Peramunaකොළඹදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂ උද්ඝෝෂණයේදී ජන ජීවිතයට හා මහජනතාවගේ සාමයට බාධා ඇති කළහොත් සුදුසු උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා  පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ජන ජීවිතයට සහ මහජන සාමයට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙස උද්ඝෝෂක සංවිධායකයින්ගෙන් තමා ඉල්ලීමක් කරන බවයි. උද්ඝෝෂණය පැවැත්වෙන 05 වැනිදා  කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පිට පළාත් වලින්ද පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදාවන බවද හෙතම පවසයි. පාර්ලිමේන්තුව ඇතුළු  නගරයේ වැදගත්ම ස්ථාන රැසකට විශේෂ ආරක්ෂාව යොදවන බවත් බුද්ධි අංශ කණ්ඩායම්, කැරලි මර්ධන කණ්ඩායම්,  රථ වාහන පොලිස් නිලධාරීන් ද සීරුවෙන් තබන බවත් පොලිස්පතිවරයා සඳහන් කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට