සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රට, ජාතිය මෙන්ම රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි ඥානසාර හිමිට දඩුවම් කිරීම කණගාටුවක් – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaඉතිහාසයේ සිටම මෙරට භික්ෂූන් වහන්සේලා රට දැය වෙනුවෙන් හඩ නගමින් සිය ජීවිතය පවා පූජා කළ බවත් ඒ ආකාරයටම පූූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද මෙරට රණවිරුවන් වෙනුවෙන් මෙන්ම රට, ජාතිය වෙනුවෙන් පෙනී සිටි බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි විසිනි.

සිය අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ රට, ජාතිය වෙනුවෙන් පෙනී සිටි පූූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට, අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මේ ආකාරයට සිරදඩුවම් ලබාදීම සම්බන්ධයෙන් දැඩි ලෙස කණගාටුවට පත්වන බවයි. රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට මෙන්ම ඇතැම් දේශපාලඥයින් පිරිසකට ඥානසාර හිමියන් සිරගත කිරීමේ දැඩි වුවමනාවක් පැවති බවත් එම වුවමනාවන්ට අනුව දියත් කරන ලද ක්‍රමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මේ වන විට උන්වහන්සේට සිරදඩුවම් විදීමට සිදුව ඇති බවත් පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මේ වන විට රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවත් නීතිය ක්‍රියාත්මකකිරීමේ ප්‍රධාන ආයතනයක් ලෙස සැලකෙන නීතිපති දෙපාර්තමේන්තුව, කිසියම් පිරිසක් විසින් පාලනය කරන්නේදැයි සැකයක් මතුවන බවත් විතාරන්දෙණියේ නන්ද හිමියන් සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, බන්ධනාගාරයේදී පැළදිය යුතු ඇදුම සම්බන්ධයෙන් රටතුළ දැඩි කථාබහක් හටගත් බවත් පාරාජිකාවන්ට හසුවී නොමැති භික්ෂුවක් නිසා උන්වහන්සේට ජම්පර් ඇන්දවීමේ කිසිදු වුවමනාවක් නොමැති අතර උජිපටි ගුණයෙන් හෙබි ඥානසාර හිමියන් නිසි ඇදුමින් සැරසී සුදුසු පරිදි ජීවත්වනු ඇති බවද පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය පස්සරමුල්ලේ පඤ්ඤාජොති හිමි සහ මාධ්‍ය ලේකම් ආචාර්ය දිලන්ත විතානගේ මහතාද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට