ඡන්ද හිමි නාමලේඛනයට සංශෝධන ඉදිරිපත් කිරීම අදින් අවසන්..
2018 වසරේ ඡන්ද හිමි නාමලේඛනය සදහා සංශෝධන ඉදිරිපත් කිරීමේ කාලය අද (06) දිනෙන් අවසන් වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. ඒ අනුව අද දිනය තුළදී ද දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වලදී අදාළ අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකි අතර අදින් පසු එම සංශෝධන භාර නොගන්නා බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.