මුහුදේ පාවෙමින් තිබූ ගංජා පාර්සල් 07 ක් නාවික හමුදාවෙන් සොයා ගෙන..
කේරළ ගංජා අඩංගු පාර්සල් 07ක් සොයාගැනීමට හැකිවී ඇති බව නාවික හමුදාව පවසා සිටියි. මන්නාරම, මුලන්කාවිල් මුහුදේ පාවෙමින් තිබියදී මෙම ගංජා පාර්සල් සොයාගෙන ඇති අතර අදාළ පාර්සල් වැඩිදුර පරීක්ෂණ සදහා මුලන්කාවිල් පොලීසිය වෙත භාරදී තිබේ. එම පාර්සල් තුළ කේරළ ගංජා කිලෝ 284 ක් අඩංගුව තිබූ බව මුලන්කාවිල් පොලීසිය පවසා සිටියි.