සත්‍යයේ පුවත් අඩහැරය….

මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරුව අද..

Podu Jana Peramunaමහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගුණ සමරුව අද (10) දිනට යෙදී ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැය 0300 ට එම උත්සවය පැවැත්වීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සදහන් කරයි.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හදුන්වා දුන් ප්‍රථමයා වශයෙන් ඒ මහතා හදුන් වනු ලබන අතර එම ප්‍රතිපත්තිය වසර 45 කට පසු යහපාලන රජයේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක කිරීමට වත්මන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගෙන ඇත. ඒ අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 73 ක මිල අඩු කිරීම හා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම සඳහා ආයෝජකයින් සමඟ ගිවිසුම් 46 ක් අත්සන් කිරීමද සෞඛ්‍ය අමාත්‍යවරයා සිදුකර ඇති අතර ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 03 ක නිෂ්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. මේ වනවිට ශාඛා 39 ක් සහ නියෝජිත ඔසුසැල් 102 ක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට