වංචා සහගත ගනුදෙනුවක් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් FCID යට පැමිණිල්ලක්..
වංචා සහගත ගනුදෙනුවක් පිළිබදව තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියි. ඉදිරි එංගලන්ත තරග සංචාරයට අදාළ විකාශන අයිතිය සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියන පහක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියෙකු සතු විදෙස් ගිණුමකට ලබාගැනීමට උත්සහ කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක්ද ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.