සත්‍යයේ පුවත් අඩහැරය….

එක් රැයකින් ඉන්ධන මිල ඉහළ දමන්නේ සංස්ථාවේ සිදුවන මහා පරිමාණ වංචා සහ දූෂණ නිසයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaඑක් රැයකින් ඉන්ධන මිල ඉහළ දමන්නේ ඛණිජ තෙල් සංස්ථාව තුළ සිදුවන මහා පරිමාණ වංචා සහ දූෂණ නිසා බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත යොමුකර ඇති නිවේදනයක මේ බව සදහන් කර ඇත. රටේ ජනතාව කිසිදු දිනෙක දැක නොමැති මෙන්ම මෙතෙක් රටට ඉදිරිපත් කර නොමැති ඉන්ධන මිල සූත්‍රය ගෝනි බිල්ලෙකු ලෙස හැදින්විය හැකි බවත් ඛනිජ තෙල් අමාත්‍යවරයාගේ නෑදෑ හිතවතුන් විසින් මේ වන විට ඛණිජ තෙල් සංස්ථාව පාලනය කිරීම නිසා සංස්ථාවේ මුදල් කාබාසිනියා වෙමින් පවතින තත්ත්වයක් උද්ගතව ඇති බවත් මෙම නිවෙදනය තුළ වැඩිදුරටත් සදහන්වේ.

ඛණිජ තෙල් සංස්ථාවේ සිදුවන වංචා දූෂණ නිසා සමස්ත ඉන්ධන පාරිභෝගිකයින්ට වන්දි ගෙවීමට සිදුවී ඇති අතර මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම කණගාටුදායක බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට