සත්‍යයේ පුවත් අඩහැරය….

බස් ගාස්තු වැඩි කළයුතුයි, බලධාරීන්ට දින 03 ක කාලයක් දෙනවා – සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය

Podu Jana Peramunaබස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළයුතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය අවධාරණය කර සිටියි. පසුගියදා සිදුකරන ලද ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු ද 10% කින් ඉහළදැමිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ල් ප‍්‍රනාන්දු මහතා පවසා සිටියි. මේ ආකාරයට ඉන්ධන මිල විවධාකාරයෙන් උච්චාවචනය වීම නිසා බස් කර්මාන්තය දැඩි අභියෝග රැසකට මුහුණ දී ඇති බවත් බස් ගාස්තු ඉහළ දැමීම සදහා අද (12) සිට ඉදිරි දින 03 ක කාලය බලධාරීන්ට ලබාදෙන බවත් එම කාලය තුළ සිය ඉල්ලම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමුනොකළහොත් ඊට දැඩි විරෝධය පළකරන බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය අනතුරු අගවා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට