උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් අද වර්ජනයක..
සිය සේවා ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසදුමක් ලබාදෙන ලෙස බල කරමින් උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් අද (12) එක්දින වැඩ වර්ජනයක් දියත් කර ඇත. මෙම උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් එම්.එන් 4 වැටුප් තලය නියෝජනය කරන අතර තම ඉල්ලීම් සඳහා නිසි විසඳුමක් ලැබෙන තෙක් මෙම වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය අවධාරණය කර සිටියි.