සත්‍යයේ පුවත් අඩහැරය….

අනුමැතිය නුදුන්නත් ගාස්තු වැඩි කරනවා, බස් සංගම් රතු එළි දල්වයි..

Podu Jana Peramunaප‍්‍රවාහන අමාත්‍යවරයා අනුමැතිය ලබානොදුන්නද බස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය අවධාරණය කර සිටියි. කෙසේ වෙතත් වැඩිවී ඇති ඉන්ධන මිල හමුවේ බස් ගාස්තු ඉහළ දැමීම සදහා ප්‍රවාහන අමාත්‍යවරයා තමන්ට අනුමැතිය ලබාදෙන අැතැයි අපේක්ෂා කරන බවද එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

එමෙන්ම අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය පවසා සිටින්නේ ඉන්ධන සහනාධාරයක් ලබානොදුනහොත් බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි. මේ අතර බස් ගාස්තු සම්බන්ධයෙන් සිය අදහස් දක්වන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසා සිටින්නේ බස් ගාස්තු සඳහා මිල සූත‍්‍රයක් හදුන්වා දීමට බලධාරීන් වහාම කටයුතු කළයුතු බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට