සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්දියානු මහ කොමසාරිස් නැගෙනහිර ඉදිවන ඉන්දීය ව්‍යාපෘති ජනතා අයිතියට පත් කරයි…

Podu Jana Peramunaපසුගිය 14 වන දින මඩකළපුව දිස්ත්‍රික්කයේ පවත්වන ලද විශේෂ උත්සවයකදී, ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ මඩකළපුවේ ඉදිකරන ලද නිවාස ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා අතින් ජනතා අයිතියට පත් විය. ඉන්දීය ආධාර යටතේ උතුරු පළාතේ ඉදි කරන ලද නිවාස 42000 සහ වතුකරයේ දැනට ඉදිවෙමින් පවතින නිවාස 14000 ට අමතරව ඉන්දියානු රජය නැගෙනහිර පළාතේ නිවාස 4,000 ක් ඉදි කරනු ලබයි. ත්‍රිකුණාමලය සංචාරය අතරතුරදී මහ කොමසාරිස්තුමා නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා හමු වූ අතර නැගෙනහිර පළාත් සභාවේ නිලධාරින්ද ඇමතීය. ඉන් අනතුරුව මහ කොමසාරිස්තුමා තිරුකෝනේෂ්වරන් කෝවිලට ගොස් ආශිර්වාද ලබා ගත් අතර නැගෙනහිර විශ්ව විද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසද සහභාගී විය.

මෙයට අමතරව මඩකළපුව ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයක් ඉදිකිරීම, මඩකළපුවේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය පාසල වැඩිදියුණු කිරීම, මඩකළපුව දිස්ත්‍රික්කයේ වැසිකිළි 3400 ක් ඉදිකිරීම සහ නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙහිම ආදර්ශ ගම්මාන ඉදිකිරීම ආදී සමාජ සත්කාරක ව්‍යාපෘතින් ඉන්දියාව ක්‍රියාවට නංවා ඇත. ශ්‍රී ලංකාව තුළ ජනතා කේන්ද්‍රීය සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘතීන් සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ ලබා දී ඇති අතර ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 550 ක්ම නැවත නොගෙවිය යුතු ආධාරද වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට