රාජ්‍ය සේවක වැටුප් ගැටළු විසදීමට පත්කළ විශේෂ කමිටුව අද රැස්වේ..
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ගැටළු විසදීම සදහා පත්කරන ලද විශේෂ කමිටුව අද (17) රැස්වීමට නියමිතව ඇත. අදාළ කමිටුව හය වන වරට අද රැස්වන අතර රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැටළු විසදීම සම්බන්ධයෙන් කමිටුව වෙත ලැබුනු අදහස් සහ යෝජනා පිළිබඳව අද දිනය තුළ සාකච්ඡා කෙරෙනු ඇත.