කේරළ ගංජා කිලෝග්‍රෑම් 19 ක් සමග සැකකරුවෙකු වව්නියාවේදී කොටු..
කේරළ ගංජා කිලෝග්‍රෑම් 19 ක් සමග වව්නියාව දුම්රිය ස්ථානයේදී ඊයේ (16) පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය අනාවරණය කර සිටියි. යාපනයේ සිට කොළඹ තෙක් ධාවනය වු දුම්රියෙන් අදාළ සැකකරු වව්නියාව දුම්රිය ස්ථානයට පැමිණ ඇති අතර එහිදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. 24 හැවිරිදි අදාළ සැකකරු අද (17) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.