සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස් ගාස්තු ඉහළ නොදැම්මොත් 24 වනදා වර්ජනයක් දියත් කරනවා – සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය

Podu Jana Peramunaවැඩිවූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීමට බලධාරීන් කටයුතු නොකළහොත් ලබන 24 වනදා මධ්‍යඹ රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය අවධාරණය කර සිටියි. අද (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්විමින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසා සිටියේ ගතවූ මාස දෙකක කාලය තුළ ඩීසල් මිල රුපියල් 14 කින් ඉහළ දැමීමට බලධාරීන් කටයුතු කර ඇති අතර ඒ හරහා මෙරට බස් කර්මාන්තය පවත්වාගෙන යාම දැඩි ගැටළුකාරී තත්ත්වයක් බවට පත්ව ඇති බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා එක්වූ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා පවසා සිටියේ පවතින තත්ත්වය හමුවේ අවම බස් ගාස්තුව රුපියල් 15 ක් බවට පත්කළයුතු අතර අනෙකුත් ගාස්තු ද සියයට 10 කින් ඉහළ දැමීමට කටයුතු කළයුතු බවයි. ඉන්ධන මෙහෙයුම් ගාස්තු ඉහළ යාම නිසා සිදුවන පාඩුව පියව ගැනීමට යැයි පවසමින් ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කරයි නම් බස් කර්මාන්තකරුවන් බස් ගාස්තු ඉහළ නොදමා ඉන්ධන මිල ඉහළ යාම නිසා සිදුවන පාඩුව පියවා ගන්නේ කෙසේදැයි විමසා සිටින බවද අන්ජන ප්‍රියන්ජිත් මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට