සත්‍යයේ පුවත් අඩහැරය….

පුත්තලම ප්‍රාදේශිය සභාපති රක්ෂිත බන්ධනාගාරගත කරයි…

Podu Jana Peramunaඇප කොන්දෙසි කඩකිරීමේ චෝදනාවට අදාළ නඩුව අවසන් වනතුරු පුත්තලම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පුත්තලම මහ අධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැදිගේ මහතා ඊයේ (17) නියෝග කළේය. 2010 වසරේ ජනවාරි 16 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වු මදුරන්කුලිය නගරයේ පැවති ජන රැළියකට ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ සිට බස් රථවලින් පැමිණි ආධාරකරුවන් පිරිසකට පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සදරුවන් වන වත්මන් සභාපතිවරයා තම නිවසේ සිට සිදුකළ වෙඩිතැබීමක් හේතුවෙන් දී ආණමඩුව තෝනිගල පදිංචිව සිටි ජයසිංහ ආරච්චිගේ අනුර සමන් කුමාර නැමති අය මරණයට පත්වීම ඒ මහතාට එරෙහිව තිබූ නඩුව විය.

නමුත් අදාල සැකකාර සභාපතිවරයා ඇප මත සිටියදී ඉන්දුනිසායාවේ පැවති සභාපතිවරුන්ගේ සම්මේලනයකට සහභාගී විමට පසුගිය 10 වන දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පිටත්ව යාමට සුදානම් වු අවස්ථාවේදී ගුවන් තොටුපළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඒ අනුව සැකකරුව අදාළ නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට